අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
බුද්ධ
දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
2023-05-15
(2023-05-14 - 2023-05-15)
දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විද්‍යා මාන වන්නේ ශක්ති කය තුළයි. එය පියවි ඇසින් දැකිය හැකි දෙයක් නොවෙයි. මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ සර්වඥතා ඥානය සර්වඥතා ධාතුව තුලින් ක්‍රියාත්මක වීම අතර සම්බන්ධයක් පවතී. එබැවින් ඊට අනුරූප ගුණයන් ලක්ෂණ ලෙස විස්තර කරනු ලබයි.
පදාර්ථය මත පවතින ශක්ති ඒකකයක් ලෙස මෙන්ම ශක්තිය මත පවතින පදාර්ථ ඒකකයක් ලෙස සලකන්නත් පුළුවන් ඉතාමත්ම කුඩා ධාතුමය ස්වභාවයක් තියෙනවා සත්වත්වය සම්බන්ධ පදාර්ථ නිර්මාණය වන. එය න්‍යෂ්ටික ධාතුව කියල හඳුන්වන්න පුළුවන්. මේ න්‍යෂ්ටික ධාතුව යන ඒකකය තුළ තිස් එක් තලයේම සත්ව ගති අන්තර්ගතයි. සිතේ පවතින ස්වභාවයට සාපේක්ෂව ඒ සත්ව ගති විද්‍යාමාන වෙනවා, වෙනස් වෙනවා. මෙම න්‍යෂ්ඨිය තමයි සත්ව ගති සම්බන්ධ කුඩාම ඒකකය.
සත්වත්වය කියන්නෙ සොබා දහමේ තියෙන ධර්මතාවයක්. සොබාදහමට අනුගත බව තමයි සත්වත්වය කියලා අදහස් කරන්නේ. තව විදිහකින් කිව්වොත් සොබාදහමේ පවතින කාලගුණය, දේශගුණය, වෙනස්වීම, ආහාර, පැවැත්ම ආදී සොබාදහමේ ධර්මතාවයන්ට අනුගතය. මේ අනුගතය කියන එක සත්වයෙක් තුළ හැදෙන එකට තමයි සත්වයත්වය කියන්නේ.
න්‍යෂ්ටික ධාතුවේ සංයුතියට අනුව තමයි ජීවය පවතින පදාර්ථය (ග්‍රහයා) සහ කක්ෂය පවා හැදෙන්නේ. අනිත් ග්‍රහලෝක සහ කක්ෂ වෙනස් වූ සංයුතීන්ට අනුව හැදුන ඒවා. මෙහි පදාර්ථය (ග්‍රහයා) හා එහි කක්ෂය යනු එකම ඒකකයක්.
කෙනෙක් රහත් වුණාම න්‍යෂ්ටික ධාතුවේ සත්ව ගති ක්‍රමයෙන් අයින් වෙලා සතර මහා ධාතු වල ලක්ෂණ බවට පත් වෙන්න පටන් ගන්නවා. සම්මා සම්බුදු කෙනෙක්ගේ ඒවා ඥාන අංග බවට පත්වෙනවා. එයට හේතුව, බුදු කෙනෙක් තිස් එක් තලය අභිබවා ගිය කෙනෙක් වීමයි. තිස් එක් තලය අභිබවා ගිය නමුත් තිස් එක් තලයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ස්වභාවයක් සූක්ෂම කායික ගති ලෙස පිහිටනවා. එම ගති අංග ඥාන අංග බවට පත්වෙලා සියලුම ක්‍රියා පාරිශුද්ධ තැනට පත්වුන ස්වභාවයක් නිර්මාණය වෙනවා.
න්‍යෂ්ටික ධාතුවත්, තිස් එක් තලයත්, සූක්ෂම බුද්ධ කායේ ගති 32 ත් කියන්නේ බුද්ධ විෂයට අයත් වන සහ ශක්ති ක්ෂේත්‍රයන් හා සම්බන්ධ කාරණායි. පංච ඉන්ද්‍රියන්ට හසුවන පරාසයේ පවතින දේවල් නොවේ.
න්‍යෂ්ටික ධාතු තුල ඇත්තටම තියෙන්නේ සතර මහා ධාතූන්ගේ ස්වභාවය; එනම් ආපෝ, තේජෝ, වායෝ, පඨවි ගති ලක්ෂණයි. සතර මහා ධාතූන්ගේ ස්වභාවයට එන්න නම් චිත්ත සහ කර්ම කියන ශක්ති ප්‍රභවයන් තුළ සරලව කිව්වොත්, සිතුවිල්ලේ පෙර ස්වරූපය නැති වීම කියන තත්වයට පත් විය යුතුයි. සිතිවිලිවල පෙර ස්වරූපය නැති වූ විට තමයි මේ ක්ෂේත්‍රයේ ස්වාභාවිකත්වයට පත්වෙන්නේ. එසේ ස්වභාවිකත්වයට පත්වුණාම තිස් එක් තලයට අදාල සත්ව ගති පිහිටන්න බැරිවෙනවා. සෝවාන් වෙනකොට තිරිසන් තලයේ උපදින්න හේතු වන සත්ව ගති අයින් වෙලා යනවා.
රහත් වුණාම, න්‍යෂ්ටික ධාතුවේ සත්ව ගති ක්‍රමයෙන් ඉවත් වෙමින් සතර මහා ධාතුන්ගේ ලක්ෂණ ලෙස පිහිටන්නට පටන් ගන්නවා. ඒ සමග බොහෝ ලෞකික වැඩවලට අවශ්‍ය ශක්තියත් අයින් වෙලා යනවා. ශරීරයද ඒ අනුව වෙනස් වෙනවා. මෙතනදි සිදුවන්නේ ආධ්‍යාත්මික පලය ශරීරයේ ධාතු ස්වභාවයන් විසින් පිලිගැනීම වගේ දෙයක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා ධාතු ස්වභාවයන් පලයට අනුව වෙනස් වෙලා. මේක කාලයත් සමග වන දෙයක්. සත්ව ගති සමග එන ශරීර ස්වභාවයන් එන්නෙ නැති වෙලා යනවා. චේතනා මත පිහිටලා ඉන්න පුළුවන් ගති වැඩි ප්‍රමාණයක් නැති වෙලා යනවා. සොබා දහම බවට පත්වෙනවා. මේ ස්වභාවය තිස් එක් තලයට අයිති නෑ. එය තිස්දෙවෙනි තලය කියලා හඳුන්වනවා. සත්වත්වය ඉතිරි වෙලා තිබෙන සමහර රහතන් වහන්සේලා ඉන්න පුළුවන්. සත්වත්වය සම්පූර්ණයෙන්ම නැති කරපු රහතන් වහන්සේලා ඉන්නත් පුළුවන්. සත්වත්වය සම්පූර්ණයෙන්ම නැති කල කෙනෙකුට වෙනත් කෙනෙකු තුලට බැහැලා ඒ කෙනාගේ සත්වත්වය බවට පත් වෙලා ඒ අනුව කතාකරන්න හැකියාව තිබෙනවා. සත්වත්වය තිබියදී අවබෝධයක් ගොඩනැගුනොත් ඒ අවබෝධයත් පඨවි වෙමින් විශේෂ ශක්තියක් විදියට ගොඩනැගෙනවා. ඒ වගේ රහතන් වහන්සේලා හෝ බුදු වරුන්ට පිරිනිවන් පාන්න නම් ඍද්ධිපාද වැඩූ බුදු වරයෙක් ඉන්න ඕනා.
බුදු කෙනෙකුත් සාමාන්‍යයෙන් වැඩ ඉන්නේ සත්වත්වය නැති කල රහතන් වහන්සේලා පවතින සතර මහා ධාතූන්ගේ ස්වභාවයේමයි. නමුත් සමහර අවස්ථාවලදී බුදු වරයෙක් තිස් එක් තලයටම විශේෂිත ස්වභාවයක් ගන්නවා. එම ස්වභාවයේදී සූක්ෂම කායේ විශේෂිත ගති තිස් දෙකක් ප්‍රමුඛව වැඩ සිටිනවා. එය සත්ව තිස් එක් තලයට අග්‍ර වූ ගති ස්වභාවයක්. එම ගති ස්වභාවයන් ප්‍රමුඛව වැඩ සිටින විට සත්වයා සමග ගනුදෙනු කිරිම අපහසු බැවින් එම ගති අනන්ත ගුණ බවට පත්කොට, යම් සත්වයෙක් මත යම් ගුණයක් වේද, එම ගුණයන් ද සහිතව තවදුරටත් ඒ මත රැඳී සිටිනවා. එම ගුණයන් අනන්ත වන්නේ ඒ විදියට. මේක රහතෙක් සහ බුදු කෙනෙක් අතර වෙනසක් විදියට දකින්නත් පුළුවන්. බුදු කෙනෙක්ගේ ස්වභාදහම අභිබවා ගිය ගුණයන් තමයි තියෙන්නේ. ඒ නිසා සතර මහා ධාතූන් අභිබවා ගිහිල්ලා ගුණ බවට පිහිටනවා. තිස් එක් තලයට අග්‍ර වූ ගති ස්වභාවයන් මත වැඩ සිටින විට සත්වයාට බුදුවරයා සමග ගනුදෙනු කරන්න බෑ. ඒ නිසා ඒ ස්වභාවයෙන් අයින් වෙලා, ඊට අනුරූපව දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විදියට ප්‍රකාශ කරනවා සත්වයා සමග පැවැත්ම උදෙසා.
මේ සංක්‍රාන්තියේ දි අවස්ථාවක් එනවා, එම අවස්ථාවේදී මේ සූක්ෂම ශරීරයේ ගති 32 ත් නැහැ, සත්ව ගතිත් නෑ, සතර මහා ධාතු ලක්ෂණත් නෑ. එතකොට සුළු මොහොතක් එනවා කිසිම දෙයක පිහිටපු නැති තැනක්. අවසානයේ පිරිනිවෙන තැනත් ඔය වගේ තැනක්. කර්මය ගැලපුණොත් එතැනදී කයේ මරණය සිද්ධ වෙනවා. එහිදී බෝධිය අරමුණු කරාම, සතර මහා ධාතු ලක්ෂණ මත නැවතත් පිහිටනවා. සතර මහා භූත ලෙස වැඩ ඉන්නකොට, ඕනම ස්වරූපයකට ඒ ඒ වෙලාවේ පරිවර්තනය වෙන්න පුළුවන්. එතකොට සත්ත්වයාට ඒක පේන්නේ නෑ අහුවෙන්නේ නෑ. ඒ ඒ සත්ත්වයාට අනුරූපව බුද්ධ වැඩ ඉන්නවා.
බුද්ධ ස්වභාවය සත්ව ලෝකයට ගෙනෙන විට යම් අරමුණක් මත පිහිටවන්න වෙනවා. එසේ අරමුණක් මත පිහිටුවද් දී, ඒ අරමුණ පිහිටන තැන පදාර්ථ ගතියක් තියෙන්න ඕන.
මේ අරමුණ, සංකාරයක් හෝ අරමුණක් විදිහට තිබුණට විතරක් මදි, ප්‍රායෝගිකව සත්ව ලෝක තලය මත පිහිටුවද්දී, ඒක පදාර්ථ වල පරාසයට අයත් සංඛ්‍යාත මත ගොඩ නැගෙන්න ඕන.
එහෙම ගොඩ නැගෙද්දී, එක පදාර්ථ බවට පත් වෙන කොට දේහ කයක් විදියට හැදනවා. ඒ දේහ කය ඇත්තටම ධර්මානුකූලයි, විද්‍යානුකූලයි, න්‍යායනූකුලයි. ඒක පිහිටන්නේ මස් කයේ නෙමෙයි. නමුත් මස් කයේ නෙමේ ම කියන්නත් බැහැ. චිත්ත කයේ නෙමෙයි. නමුත් චිත්ත කයේ නෙමේ ම කියන්නත් බැහැ. මේ හැම දෙයකම එය අන්තර්ගතයි. එතකොට බුද්ධ ස්වභාවය මතු වෙනකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන දේ පිහිටන්නේ ඒ දේහ කය මත. මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණම තමයි සර්වඥතා ධාතුව බවට පත්වන්නේ. එතකොට බාහිරින් හේතුව සැකසෙන කොට බුදුවරයාගේ ශරීරයේ ධාතුව වෙනස් වෙනවා. ඒ සර්වඥතා ධාතුව බුද්ධ ඥානයන් හා සම්බන්ධයි. එතනින් තමයි සර්වඥතා ඥානයට සම්බන්ධ වෙන්නේ. බුද්ධ ඥානය තුළ තියෙන සර්වඥතා ඥානය තමයි ක්‍රියාත්මක වෙලා සත්වයාගේ විපාකය සඳහා සතර මහා ධාතුව තුළින් වෙනස් වෙලා සැකසෙන්නේ.
මේ සංසිද්ධියේ තව පැත්තකුත් තියෙනවා. ධර්මයේ ප්‍රභලත්වය මතු වෙන කොට ඒ ප්‍රබලත්වය ආසනාරූඪ වෙනවා. ඒ කියන්නේ ධර්මයේ ප්‍රබලත්වය පදාර්ථ විදිහට ගොඩනැගෙන එක තමයි ධර්මාසනාරූඪ හා වජ්‍රාසනාරූඪ විදිහට නිර්මාණය වෙන්නේ.
ධර්මය කියන ධර්මතාවයේ ප්‍රබලත්වය ඉස්මතු වෙනකොට ඒක පදාර්ථ විදිහට ගොඩනැගෙනවා. එතකොට පදාර්ථ විදිහට ගොඩනැගෙන එක තමා ස්ථාපිත වීමේ සංකේතයක් බවට පත් වෙන්නේ. නමුත් දර්ශනය සහ ශක්ති ප්‍රභවය ගත්තොත් එහෙම, මේක පදාර්ථ විදිහට ගොඩනැගෙන තාක් කාලයක් ඒක ලෝක සම්මත කාරණයක් බවට පත් වෙන් නෑ.
එතකොට ඒ බුද්ධ ස්වභාවයේ අරමුණු හා ස්වභාවය පදාර්ථ විදිහට ගොඩ නැගෙන කාරණයක් තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විදියට තියෙන්නේ.
බුද්ධ ස්වභාවයට කයක් නෑ. එතකොට බුද්ධ ස්වභාවයේ කය පෙන්වනවා නම්, බුද්ධ ස්වභාවයේ පදාර්ථය තමයි මේ ලක්ෂණ වලින් හැදිලා තියෙන්නේ. සාමාන්‍ය මිනිස් කය හැදිලා තියෙන්නේ කුනුප කොටස් 32 කින් නම්, දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් යුක්ත කය හැදිලා තියෙන්නේ කලින් පැවසූ ආකාරයට බුද්ධ ස්වභාවය පදාර්ථ සංඛ්‍යාත මත ගොඩනැගීමෙන්.
සිත කියන එක ශක්ති විශේෂයක් නම්, සිතේ පදාර්ථ කය තමා මේ දෙතිස් කුනුපය. එතකොට බුද්ධ ස්වභාවයට අදාල කය තමා මේ මහා පුරුෂ ලක්ෂණ සහිත කය. දුර්ලභ කයක් කියන එක තමා මේ පුරුෂ ලක්ෂණ විදියට හඳුන්වන්නේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන දේ භෞතික කය තුළ හැදෙන එකක් නෙමෙයි. ඒක හැදෙන්නේ බුද්ධ ස්වභාවයට සාපේක්ෂව පදාර්ථයට අදාල සංඛ්‍යාතයන් තුළ.
සාමාන්‍ය මිනිස් කයට සාපේක්ෂව සිත පිහිටන්නේ කුණුප කයේ. ඒ වාගේම බුද්ධ ස්වභාවය පිහිටන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත පදාර්ථ කයේ. නමුත් ඒක බාහිරින් පෙනෙන කයක් නොවෙයි.
බුද්ධ ස්වභාවය තුළ න්‍යායාත්මක පැතිකඩක් සහ ධර්මානුකූල පැතිකඩක් තිබෙනවා. බුද්ධ ස්වභාවය දකින්නේ කොහොමද කියන එක සත්වයාට ප්‍රශ්නයක්. පුද්ගලයෙක් විදිහට නෙමෙයි මෙතන කතාව තියෙන්නේ. ඔබ කවුරු හරි එහෙම වුනොත් ඔබටත් මේ ධර්මතාවය පොදුයි. න්‍යායාත්මක විදිය දකින්න බැහැ. දකින්න තියෙන්නෙ මේ විදියට.
සූක්ෂම බුද්ධ කායේ ගති ස්වභාවයන් චර්යාවක් විදියට හැසිරෙන විදිය හා ගුණවලින් බුද්ධ ස්වභාවය දකින විදිය සංක්ෂිප්තව ඉදිරිපත් කරන්න පුළුවන් සත්වයාගේ මනසට ගෝචර කරගන්න පහසු ආකාරයට. බුද්ධ ස්වභාවයෙන් පූර්ණ කාලීනව වැඩවාසය කරන්නේ නැත්තේ වූවත්, බුදුන්ගේ පරිනිර්වාණයෙන් පසු වුවත් කෙනෙකුට තමන්ගේ සිත පහදවා ගැනීමට ඕන නම්, සිත සූදානම් කර ගන්නට ඕන නම්, ඒ තිස් එක් තලයටම විශේෂිත වූ සූක්ෂම කායික ගති වලින් නැගෙන්නාවූ ගුණයන් මෙනෙහි කල හැකියි.
මොකක්ද මිහිතලය කියන්නේ? එනම් තිස් එක් තලයි. තිරිසන් ලෝකයේ පටන් මනසින් දියුණු වී යා හැකි අකනිටා බඹලොව දක්වා මනසට ගෝචර වන්නා වූ පරාසය තුළ පිහිටියාවු මේ තල 31 වනාහි මේ මිහිතලය යි. මේ තිස් එක් තලයෙන් එහාට ගිය මිහිතලයක් නැහැ.
1. යම් බුදු කෙනෙක් මේ මිහි තල මත යම් පියවරක් තබයි ද, මේ මිහිතලය අරබයා යම් සිතිවිල්ලක් පහළ වේ ද. ඒ සිතිවිල්ල පිරිසිදුයි. චර්යාව සියයට සියයක් පිරිසිදුයි.
බුදුකෙනෙක් වාසය කරන්නේ ඔබේ තලයට නෙවෙයි තිස් එක් තලය මත. ඒ කියන්නේ විශ්වය මත. බුදු කෙනෙක් ගේ සෑම ක්‍රියාවක්ම තලයට සාපේක්ෂව නිවැරදියි. බුදු කෙනෙක් බණ කියන්නේ තිස් එක් තළ මත පිහිටලා ඒ කියන්නේ විශ්වය මත පිහිටලා. මේ කියන්නේ සිරිපතුල.
2. බුදු කෙනෙක් හිතන්නේ කල්පනා කරන්නේ චර්යාවේ යෙදෙන්නේ කෙනෙක් ගේ බුද්ධිය ඥානය පහළ කිරීම මූලික කරගෙනයි. ඒ කියන්නේ සිරස පාද වන්න. නුවණ පාද වන්න.
බුදු කෙනෙක්ගෙ ක්‍රියාව විශ්වාස කරන්න. ඒ ක්‍රියාව තුළ වෙන කෙනෙක්ගේ බුද්ධිය පාදවන ක්‍රියාවක නියැළෙනවා වෙන්න පුළුවන් ඔබට නොපෙනෙන.
3. සෑම ක්‍රියාවකම හැම වෙලාවෙම තියෙන්නේ අනෙකා ගේ අනුවණකම පෙන්වා දෙන ස්වභාවයක්. තිස් එක් තලයේම අනුවණකම පෙන්නලා දෙනවා.
ඇයි ඒ අනුවණ කම් පෙන්නලා දෙන්නේ කියලා ඇහුවහම ඒකට උත්තරයක් නෑ. ඒ ලක්ෂණයේ හැටි එහෙම තමයි.
4. බුදු කෙනෙකුට මේ තිස් එක් තලයේ කිසිම තලයක වාසය කිරීමේ ගුණය නැත. ඒ නිසා වාසනා ගුණ කිසිවකුත් නැති. ඒ නිසා කිසිම ගුණයක් මනින්න බෑ. විටක ඉහළම තලයේ ගුණය විටක පහළම තලයේ ගුණය මේ තිස් එක් තලයේම ගුණවල පිහිටනවා.
5. බුද්ධගේ පැවැත්ම තියෙන එකම තලය මොකක්ද? ඒ තලය හරියට සූර්යයා වගේ. ඒ සූර්යයාට මේ තිස් එක් තලයම පේන්නෙ ඇයි? බුද්ධ මේ තිස් එක් තලයේම නැති නිසා. ඒක තනිව වාසය කරන තලයක්.
6. බුද්ධගේ නවාතැන සියලු කර්ම පථයන් ගෙන් මිදුණු තැන. ඔබත් අවංකව පාරිශුද්ධව සියලු කර්ම පථයන්ගෙන් මිදිලා ක්‍රියා කරන්න.
7. මේ ලෝකයේ බුදුකෙනෙක් කරන තරම් සේවයක් වෙන කිසිවකුට කළ නොහැකියි. ඔබ දෙන වතුර උගුරකුත් කර්ම පථය සිඳල දෙන්න පුළුවන් නම් එයින් ලැබෙන ආශිර්වාදය ඉතා විස්මිතයි.
8. බුදු වරයෙකුගේ හදවතින් නැගෙන කරුණා භාවය ශාන්තිය තරම් කරුණාවක් ශාන්තියක් මේ විශ්වයේ කොතනකින් වත් ඔබට සොයාගත නොහැකියි.
9. බුදු කෙනෙකුගේ නිහතමානීත්වය තරම් නිහතමානී කමක් මේ විශ්ව ධාතුවේ ඔබට සොයා ගත නොහැකියි.
10. සත්ත්වයාගේ අනුවණකම් මේ තරම් ඉවසපු කෙනෙක් ඔබට ලෝකයෙන් සොයාගත නොහැකියි.
11. බුදු කෙනෙක් තරම් නින්දා විඳින කෙනෙක් මේ තිස් එක් තලයෙන් සොයා ගන්නට බෑ.
12. ඒ සියලු නින්දාවන් පරාජය කරනවා. ඒ වීර්යය ගුණය සක්විති රජ කෙනෙක් හා සමානයි.
13. සියළු සැපයෙන් යුක්තයි. මේ විශ්ව තලයේ සියලු ආධ්‍යාත්මික භෞතික සැප විඳින්නා බවට පත්වේ.
14. සියලු සැපයන්ගෙන් මිදුණු කෙනෙක් වේ.
15. සියලු අතහැරීම් ගුණයන්ගෙන් යුක්ත කෙනෙක් වේ.
16. සියල්ල දන්නා නුවණින් යුක්ත කෙනෙක් වේ.
17. සියල්ල දේශනා කිරීමේ ගුණයෙන් යුක්ත කෙනෙක් වේ.
18. සියල්ල ප්‍රත්‍යක්ෂ කර දීමේ ගුණයෙන් යුක්ත කෙනෙක් වේ.
19. සියල්ල පිරිසිඳ දැකිය හැකි ගුණයෙන් යුක්ත කෙනෙක් වේ. " බුදුවරු විසි අටකට බොරු කරත් මට බොරු කරන්න බෑ."
20. සියලු ඥානයෙන් යුක්තයි.
21. සියලු සමාධීන්ගෙන් යුක්තයි.
22. සියලු මැදුම් පිළිවෙතින් යුක්තයි. තිස් එක් තලයටම අදාළ මැදුම් පිලිවෙත්හි පිහිටන්න පුළුවන්.
23. තිස් එක් තලයේම ආමිස ප්‍රතිපත්ති පූජා ලබන්නට සුදුසුයි.
24. සියලු මෛත්‍රීන් අතරින් අග්‍රවූ මෛත්‍රී ගුණයෙන් යුක්තයි.
25. පෙර බව දැකීමේ ගුණයෙන් යුක්තයි.
26. සියලු සත්වයන්ගේ කුසල මූල අකුසල මූල දැකීමේ හැකියාවන්ගෙන් යුක්ත ය.
27. තිස් එක් තලයේ සියලු සත්‍වයන්ගේ කෙලෙස් මූල දැකීමේ හැකියාවන්ගෙන් යුක්තයි.
28. සියලු සත්වයන්ගේ භවයට මූලික වන කර්මයන් දැකීමේ ගුණයෙන් යුක්තයි.
29. හේතු, හේතු විදියටත් ඵල, ඵල විදියටත් දැකීමේ ගුණයෙන් යුක්තයි.
30. හදවත පූජා කිරීමේ ගුණයෙන් යුක්තයි. කෙනෙකුට දියහැකි වටිනාම දේ දීමේ ගුණයෙන් යුක්තයි. ඕනම කෙනෙක් තව කෙනෙක්ට දෙන්නේ තමන්ට වටිනමදේ තියාගෙන අනෙක් ඒවා. සියලු දේ වලින් වටිනම දේ දෙන එකයි මෙතන කියන්නේ.
31. ඔබට කවදාවත් බුදු කෙනෙක්ව දකින්න බෑ. තිස් එක් තලයේම සිටින කිසිවෙකුටත් දැකිය නොහැකි දැකීමේ ගුණයෙන් තොර කෙනෙක්. තේරුම් ගන්න බෑ හඳුනා ගන්න බෑ. බුදු කෙනෙක් දකින තරම් කාටවත් ඒ දුර දකින්න බෑ. අද යම් වචනයක් කිව්වොත් එය කොපමණ දුර යැයි දැයි බුදු කෙනෙකුට ඇරෙන්න වෙන කෙනකුට කියන්න බෑ.
32. මේ විශ්ව ලෝකයේ යම් ධර්මයක් පවතීද ඒ ධර්මය ඔබට බුද්ධ තුළ දැකිය හැකියි. විශ්ව ලෝකය පවතින සියලු දම්ගුණයන් බුද්ධ තුළ පවතී.
මේ ගුණ යම් කිසි කෙනෙක් මෙනෙහි කළොත් ඔහුට ඔහුගේ සිත කර්මය පාරිශුද්ධත්වයට පත් වෙනවා.
යම්කිසි කෙනෙක් මේ ගුණ දකීද එයාට ඒ ගුණ පිහිටනවා.
යම්කිසි කෙනෙක් ගුණ මෙනෙහි කරයි ද එයාගේ හිත නිවනවා.
යම්කිසි කෙනෙක් ගුණ කල්පනා කරයි ද එයාගේ ප්‍රඥාව වැඩෙනවා.
බුදුවරයා කියන්නේ පලයක්. බෝසතා කියන්නේ ඒ දක්වා පැමිණි ගමන. ඒක අතිශය දුෂ්කර ගමනක්. ඔබ ඒ බෝසතාව දැක්කොත් ඒ දකින මොහොතක් මොහොතක් පාසා ඔබවද වෙනස් වෙනවා. බුදුවරයා නොමැති කාලයක බෝසතාට වන්දනා කිරීම තුළ ඔබ ඒ බෝසතාව දකින්න පටන් ගන්නවා.
ධර්මය, ධර්මතා සහ න්‍යාය
2024-08-10