අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
ලෝක
පෘතුවිය, සක්වල හා ආත්මය
2024-08-10
*පෘතුවිය ගෝලයක්ද?
අධ්‍යාත්මික ඇසින් බලද්දී, පෘථිවිය තලයක් විදියට තමයි දර්ශනය වෙන්නේ. අපි දැන් ඒ දිහා බලන්නේ ත්‍රිමාණ හෝ ද්විමාන විදිහට. අපේ ගෝචර සාපේක්ෂතාවයෙන් තමයි අපට පෙනෙන්නේ. එතකොට තමයි ගෝලයක් විදියට පෙනේන්නේ. නැත්තම් පෙනෙන්නේ තලයක් විදිහට. අධ්‍යාත්මිකව බලනකොට මාන වෙනස්. එතකොට පේන්නේ තලයක් විදියට, ගෝලයක් විදියට නොවෙයි. ඒ විදියට පෙනෙන හේතුව තමයි, දුවිලි අංශු වල භ්‍රමණයක් තමයි මෙතන තියෙන්නේ, භ්‍රමණයක් වුණාම ආධ්‍යාත්මික ඇසට පේන්නේ තලයක් විදිහට. ඒ දර්ශනයේ පෘතුවිය තලයක්; ගෝලයක් නොවෙයි.
*එතකොට ථේරවාදයේ කියනවානේ අපාය ඊට යටින් තියෙනවා දිව්‍ය ලෝක ඊට උඩින් තියෙනවා කියලා?
එහෙම දෙයක් නෑ. ඒ කියන්නේ ඇත්තටම පෘතුවිය කියලා ගෝලයක් නෑ. භ්‍රමණයක් තමයි තියෙන්නේ. භ්‍රමණ වේගය මත අංශු එකට කේන්ද්‍ර ගත වීමක් තියෙන්නේ. එතකොට අධ්‍යාත්මිකව බලද්දී භ්‍රමණ වේගය කියන එක යම්තාක් දුරකට අහුවෙනවා. විශ්වයේ මෙම භ්‍රමණ වේගයන්ට වඩා මේ කියන ඥානය වේගවත්. එතකොට ඒ ඥානයට පෙනෙන්නේ තලයක් විදිහට.
අපි විදුලි බල්බයකින් එක දිගට ආලෝකය නිකුත්වනවා පියවි ඇසින් දකින අවස්ථාව ගනිමු. ඇසට සහ මොළයේ ක්‍රියාකාරීත්වයට සාපේක්ෂව තමයි බල්බ් එක පත්තු වෙලා තියෙනවා පේන්නේ. බල්බ් එක පත්තු වෙන වේගයට (flickering frequency) වඩා, ඇසේ වේගය අඩු නම් (flickering frequency threshold) අපිට බල්බය නිවෙනවා පත්තු වෙනවා විදියට පේනවා. මේ වාගේ කාරණයක් තමයි එතන තියෙන්නේ. ඒ වගේම මොළයේ ඉන්ද්‍රිය මතකයන් වැනි තාවකාලික මතකයන් තුල තත්පරයකින් පංගුවක් වැනි කාලයක් ඇස වැනි ඉන්ද්‍රියන්ට ලැබෙන දත්ත තාවකාලිකව රැඳෙනවා (retaining). මොලය දත්ත නිරූපණය කර දක්වන ආකාරයත් මීට බලපානවා. ඒ දත්ත නිරූපණයට (interpretation) විවිධ සාධක බලපාන්න පුළුවන්. මේ ආකාරයේ ධර්මතාවයන් නිසා පියවි ඇසට පෙනෙන ස්වරූපය වෙනස්.
මේ සක්වලෙන් (සෞරග්‍රහ මණ්ඩලයෙන්) එහාට යන්න යානයක් මේ සක්වල ඇතුලේ හදන්න පුළුවන් බවක් දකින්න බෑ. මොකද මේ සක්වල කියන්නේ සූර්යා කේන්ද්‍ර වුණ බල ක්ෂේත්‍රයක්. එය ආධ්‍යාත්මික ඇසට හසු වන්නේ ආලෝකයක් විදියට. ඒ බල ක්ෂේත්‍රය තුල විවිධ පදාර්ථයන්ට අදාල සංඛ්‍යාතයන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ සක්වල ඇතුලේ දෙයක් හදන්න වෙන්නේ මේ ක්ෂේත්‍රය තුල සංඛ්‍යාත වලට සාපේක්ෂව පමණයි. මේකෙන් එහා පැත්තේ තියෙන්නේ මේ ක්ෂේත්‍රයට අදාළ සංඛ්‍යාතයන් නොවෙයි. එතකොට වෙන්නේ සුන්නත් දූලි වෙලා අතුරුදහන් වෙලා යන එක.
සක්වලකට අදාල බල ක්ෂේත්‍රයක අවසානයේ කළු කුහරයක ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා. මොකක්ද ඒ ධර්මතාවය? ඒ තමයි මේ ආලෝකය බිඳීම. මෙය ඉක්මවා යා හැක්කේ ඍද්ධිපාද චිත්තයකට පමණයි. ඒ සඳහා සක්වලේ ආලෝකයට සාපේක්ෂව වඩලා ඊට පස්සේ කළුකූහරයේ ධර්මතාවයට සාපේක්ෂව එනම් අඳුරට සාපේක්ෂව චිත්තය වඩන්න ඕනා.
*එතකොට දිව්‍ය ලෝක කියලා එකක් නැද්ද?
දිව්‍ය ලෝක කියලා එහෙම ලෝකයක් නෑ, දිව්‍ය ලෝක කියන්නේ, දැන් මැරෙන සත්වයා, සිත දියුණු කරලා නම් විඥානය පවතින්නේ ඉතා සුළු කොටසක් පමණයි, එතකොට ඒකට සාපේක්ෂව මනස හට ගන්නේ ඉතා සියුම්ව. දුවිලි අංශුවක් තරම් ඉතා සියුම්. මනස සියුම් නිසා එතන හට ගන්න ජීවී ස්වභාවය හට ගන්නේ ප්‍රඥා චෛතසිකයක් එක්ක. එතකොට ඒ චිත්ත භූමිය චිත්ත ස්වභාවය චිත්ත තලය පවතින්නේ දිව්‍ය තලයක් විදිහට. බ්‍රහ්ම තල, ප්‍රේත තල හට ගන්නෙත් ඒ විදියට. විඥානය හා මනස ගැලපීමෙන් තමයි එම තල නිර්මාණ වෙන්නේ. ඒක තියෙන්නේ පෘතුවියේමද ? ඔය ප්‍රශ්නය අහන්නේ අපට පේනමානයෙන් නේ. එහෙම භෞතිකව බැලුවට පෙනෙන්නේ නෑ. ඒක මේ වේලාවේ මෙතන වුණත් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ සමගම පවතින සියුම් තලයන්, සමාන්තර ලෝකයන්.
*නැවන ඉපදීමක් තියෙනවා කියන එක ඔප්පු කරන්නේ කොහොම ද?
නැවත ඉපදීමක් බුදු දහමේ කොතනකවත් එහෙම සඳහනක් නෑ. දැන් ඔබේ ඔය දැනුම, උගත්කම, අම්මා, තාත්තා, නම යන ඒවගෙන් නේ දැන් ඔබේ මේ භවය පවතින්නේ. ඒ කය ඔබට ඕන ආකාරයට සකස් කරගෙන ඉන්නේ. ඒ කය මැරුණොත් ඔය පටිච්චසමුප්පන්නව හදා ගත්ත ඔබ නැතිවෙලා යනවා. ඒ කය මැරුණම තමයි ඔබට දුක දැනෙන්නේ, ඒ කයට සම්බන්ධ අය මැරුණම තමයි ඔබට දුක දැනෙන්නේ. ඒ කය මැරුණට පස්සේ ඒකේ හිටිය ඔබ නැවත උපදින්නේ නෑ. ඒ කියන්නේ, ඔබේ ඔය කය එක්ක නිර්මාණය වෙලා තියෙන මන ඉන්ද්‍රීයට ගෝචර වන යම් කිසි පරාසයක් තියෙනවානේ. ඒ මත ගොඩනැගුණු කෙනාටම නැවත උපදින්න බෑ. එතකොට එය මනස හා කයත් එක්ක තියෙන කාරණයක්. ඒක මැරෙනවා.
හැබැයි ඕකේ එහා පැත්තේ තියෙනවා ඔය කය ඔය විදිහට නිර්මාණ වෙන්න බලපාපු ශක්ති (energy) වළල්ලක්, කර්ම පථයක් තියෙනවා, ඒක ඒ විදිහට උපදින්නේ හෝ මැරෙන්නේ නෑ. පුනරුප්පත්තියක් නෑ. පුනර්භවයක් තියෙනවා. ඒ කියන්නේ, පුංචි කාලේ ඔබ ම ද දැන් ඔය ඉන්නේ, නැහැනේ. හැබැයි එයා නොවෙයිමත් නොවෙයි. එතකොට මේක තාවකාලිකව ලැබුණු කයත් පමණයි තියෙන්නේ. අර කියපු ශක්ති වළල්ල, ඒ කියන්නේ කර්ම පථය එනම් සත්වයා ඉපදුනාට පස්සේ නැති වෙන්නේ පිරිණිවන් පෑම කියන ධර්මතාවය තුළයි. ඒක එතකන් චක්‍රයක් වගේ කැරකි කැරකී යනවා.
එතකොට ඒකෙ එක දිගට පවතින ආත්ම ස්වභාවයක් තියෙනවද? නැහැ, මොකද මෙතන පුද්ගලයෙක් නැහැ. දැන් අපි මැරුණම අපට කිසි දෙයක් මතක නෑනේ, එක දිගට යනවා නම් මතකය තියෙන්න ඕන නේද? මොකද මැරෙන්නේ දැන් පවතින ඔබ නේ. එතකොට මතකය තියෙන්නේ ඔබ තුළ. හැබැයි ඔබ තුළින් ගොඩනැගෙන කර්ම පථය…, උදාහරණයක් විදිහට පරිගණකය තියෙනවා අන්තර් ජාලයත් තියෙනවා විදුලියත් තියෙනවා, ඒ නිසා ඒකෙන් වැඩ කරගන්න පුළුවන්නේ. හැබැයි ඒ පරිගණකය කැඩෙනවා. නමුත් ඔබ කරගෙන ආපු වැඩ වල දත්ත අන්තර්ජාලයේ ගබඩා වෙලා තියෙනවා. එතකොට ඔබට නැවත ඒකට සම්බන්ධ වුණාම ඒ දත්ත ටික ගන්න පුලුවන්. හැබැයි උපකරණය වෙනස් වෙනවා, පිරිමි වෙන්න පුළුවන්, කාන්තා වෙන්න පුළුවන්, සතෙක් වෙන්න වුණත් පුළුවන්. ඒකට සම්බන්ධ වුණාම ඒ රිදම් එකට තමයි දුවන්නේ. සත්ව පුද්ගල ආත්මයක් මෙතනත් නෑ. ආත්මයක් තියෙනවා නම් නිවන් දකින්න ආත්මය නැතිකරන්න වෙනවා. හැබැයි අපි ආත්මයක් තියෙනවා කියලා හිතාගෙන ජීවත් වෙන අවුල තියෙනවා. තේරුණාද? මෙතන අපිමනේ ආත්මය හදාගත්තේ. ඒ වුණාට ඇත්තටම මෙතන ආත්මයක් නෑ. මේ ජීවිතය තුල ඔබ ඔබේ කියලා හදාගත්ත මතකයන් ටිකක් තමයි තියෙන්නේ. ඒක බොරුවක්; හැබැයි ඒක හදාගන්න ඔයා පිටිපස්සේ එන ශක්තියක් තියෙනවා. ඒක ඒ විදියට නිර්මාණය වන්නට හේතුවන.
*මෙතන මමත් නෙවෙයි නම් උපදින්නේ, මොකක්ද එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ?
ඔතන ප්‍රශ්නේ තියෙන්නේ අපි ජීවත්වෙන්න හදාගන්න වැඩසටහන නොදන්න කමයි. දවසක් කෙනෙක් ගෞතම බුදුන්ගේ ඥාණ පරීක්ෂණයක් කරනවා. කෙනෙක් ගෞතම බුදු හාමුදුරුවන් ළඟට ගිහින් අහනවා, මම මද ඊළඟ ආත්මයේ උපදින්නේ, මම මද කලින් ආත්මයේ මැරුණේ කියලා.
පුද්ගලයා: මම මද ඊළඟ ආත්මයේ උපදින්නේ?
ගෞතම බුදුන්: නෑ
පුද්ගලයා: මම මද කලින් ආත්මයේ මැරුණේ?
ගෞතම බුදුන්: නෑ,
පුද්ගලයා: එහෙනම් මොකටද මං ඊළඟ ආත්මයක් වෙනුවෙන් දැන් සූදානම් වෙන්නේ?
ගෞතම බුදුන්: ඔබ ඊළඟ ආත්මයක් වෙනුවෙන් සූදානම් වෙන්න එපා, එහෙම ඊළඟ ආත්ම වෙනුවෙන් සූදානම් වීමට අවශ්‍යතාවයක් නෑ. මේ මොහොතේ ඔබ ආත්මයක ද සිටින්නේ?
පුද්ගලයා: නෑ; මේ මොහොතේ ආත්මයක නෙවෙයි සිටින්නේ. මේ මොහොත තුල ජීවත් වීමක් පමණයි වෙන්නේ.
ගෞතම බුදුන්: ඔබ මේ මොහොත තුළ ජීවත් වෙන්නේ කොහොමද?
පුද්ගලයා: මේ මොහොත ජීවත් කරවන්නේ ඊට කලින් මොහොත.
ගෞතම බුදුන්: එතකොට කලින් මොහොත, මේ මොහොත ජීවත් කරවලා තිබෙනවා. ඒක ඔබ පිළිගන්නවා ද?
පුද්ගලයා: ඔව් පිළිගන්නවා. මොකද ඒ ප්‍රශ්නය අහපු නිසා තමයි මේ තරම් දුරට ආවේ. අනිවාර්යෙන්ම කලින් මොහොත මේ මොහොතට රැගෙන ඇවිල්ලා තියෙනවා
ගෞතම බුදුන්: මොහොත තුළින් මොහොතක් නිර්මාණය වන වැඩපිළිවෙළක් තියෙන බව ඔබට පේනවද?
පුද්ගලයා: ඔව් පේනවා.
ගෞතම බුදුන්: එහෙනම් ඔබට පෙනෙන පරාසය තුළ ඊළඟ මොහොත ඇතිවෙනවා වගේම ඔබට නොපෙනෙන පරාසය තුළ ද ඊළඟ මොහොතක් ඇතිවෙනවා. මම කියනවා ඔබට නොපෙනෙන පරාසය තුළ තියෙන ඊළඟ මොහොත ගැන. එතකොට මම ද වැරදි?
ඔබේ මේ මොහොත නිවැරදි වුණොත්, ඔබේ ඊළඟ මොහොතද නිවැරදි වෙනවා. මේ මොහොත පිරිසිදු වුණොත් ඊළඟ මොහොතේ එකේ ප්‍රතිඵල හම්බෙනවා. මොකද ඔබ, සසර පුරා නිර්මාණය කරගෙන ආපු මේ මොහොතට සාපේක්ෂව සසර නිර්මාණය වෙමින් නිර්මාණය වෙමින් ආවා. මම එයට සසර කියනවා. ඒ ගොඩනැගෙන හැම මොහොතකටම මම භවය කියනවා. ඒ නිර්මාණය වූ නා නා ප්‍රකාර වු මොහොතවල් වලට මම ජාති කියලා කියනවා. එක මොහොතකින් ඒ වගේ මොහොතවල් නිර්මාණය කරන ක්‍රමවේදයට මා කර්මය කියා කියනවා. එතකොට ඔබේ මේ මොහොතයි ඊළඟ මොහොතයි අතර සම්බන්ධයක් නැති වුණු දවසට ඔබට නැවත හට ගැනීමක් නෑ කියලා කියනවා. එතකොට පුනරුත්පත්තියක් නෑ, පුනර්භවයක් තියෙනවා. ඒ කියන්නේ පෙර භවය හේතු කොටගෙන හටගත් භවය. සත්වයෙකුගේ මෙම භවයෙන් භවය නිර්මාණය වන යාන්ත්‍රණය කර්ම මට්ටමේදී කර්ම පථයක් ලෙස දකිනවා. සත්වයෙක් කර්මපථ ගණනාවක ජීවත් වෙන්න පුළුවන්. සත්වයාගේ පිරිනිවීම කියන්නේ මේ කර්ම පථ වල මාරු වෙමින් යාමේ අවසානය.
මේ හැමදේම භවයනේ. ඔබගේ මේ මොහොත තමයි, ඊළඟ මොහොත නිර්මාණය කරන්නේ. එතකොට ඔබගේ මරණාසන්න මොහොත ඊළඟ භවය තීරණය කරනවා. හැබැයි ඒකෙන් කියන්නේ නෑ ඒ ඔබම නැවත උපදිනවා කියලා. ඒ ඔබම නොවෙයි; ඒ මොහොතට සාපේක්ෂව හටගන්න මොහොත. ඔබගේ මේ මොහොතට සාපේක්ෂව තමයි භවය නිර්මාණ වෙන්නේ. මේ මොහොතේ නිවීම ඊළඟ මොහොතේ නිවීමටත්, මේ මොහොතේ කුසලය ඔබගේ ඊළඟ මොහොතේ යහපතටත්, මේ මොහොතේ සැනසීම ඔබේ ඊළඟ මොහොතේ සැනසීමටත් හේතු වෙනවා. ඔබට යම් කිසි මොහොතක හිතෙනවා සියල්ලගෙන් නිවිලා ඉන්න පුළුවන්නම්, සතුටින් ඉන්න පුළුවන් නම්, දුකක් නැතුව ඉන්න පුළුවන් නම් කියලා. එහෙනම් මේ මොහොතට සාපේක්ෂව ඊළඟ මොහොත ගොඩනැගෙනවා.
ඒ නිසා තමයි කිව්වේ මේ මොහොත කුසලස්ස උපසම්පදා කියලා. කුසලය වැඩිදියුණු කරගන්න. කුසලය වැඩිදියුණු කරගන්න කියන්නේ තමා වෙනුවෙන් කරන්න එපා. එතකොට ඒකට සාපේක්ෂව නේ භවය හටගන්නේ. එකනේ අනුන් වෙනුවෙන් කරාම භව ගැලවීමක් සිදුවෙන්නේ. එකනේ මේ පුනර්භවය කියන්නේ. අපි මේ මොහොතේත් ඉන්නේ පුනර්භව තුළ තමයි. අපි මවා ගත්ත එක, හිතා ගත්ත එක බොරුවක්. සංසාර ගමන කියන්නේ ඔයාගේ ඊලග මොහොත මේ මොහොත තුළ නිර්මාණය වීමක්.
ඊළඟ භවයක් නෑ කියන එක හරි. මේ මොහොතේ ඉන්න. මේ මොහොතේ නිවන මේ දැන් විඳින්න. රහතන් වහන්සේට මරණයක් නෑනේ. ඒ නිසා උපතකුත් නෑ. අපට මරණයක් තියනවනේ. ඒ නිසා මරණ බයක් තියෙනවා. ඒ නිසා තමයි භව වන කාරණයන් තියෙන්නේ.
*ඇයි මේ ජනගහනය වැඩි වෙන්නේ?
දැන් සත්තු අඩුවෙලා සත්තු මිනිස්සු වෙලා ඉන්නේ. ඉස්සරට වඩා දැන් සත්තු ගොඩක් අඩුයි. ඒ හේතුව තමයි දැන් බොහෝ අය මනුසතා කියන ස්වරූපයට ඇවිල්ලා ඉන්නේ. දියුණු වීම නොවෙයි ඊට අදාල කලලයන් නැති වීම නිසා. අපි අහලා තියෙනවනේ මනුෂ්‍යයෙක් වෙන එක ඉතා දුර්ලභයි කියලා. ඒ මනුෂ්‍ය රුව ගැන නොවෙයි කියන්නේ. මනුෂ්‍ය භවය ගන්න එක තමයි ඉතා දුර්ලභ. මනුෂ්‍ය රුව තිබුණට මනුෂ්‍ය භවයක් නැති අය තමයි ඉන්නේ. මනුෂ්‍ය භවයකන් හදාන්න අමාරුයි. භවය කියන්නේ, එයා හිතන පතන විදිය මනුෂ්‍ය වෙන්න ඕන නේ. මනසින් උසස් නම් නේ මනුස්ස වෙන්නේ.
ධර්මය, ධර්මතා සහ න්‍යාය
2024-08-10
හටගැනීම සහ ගැලවීම
2024-08-10