maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

කර්ම

කර්මය සංයුතීන්ගේ ප්‍රතික්‍රියාවක්

2024-08-08

Maithribodhi

කර්මයේ ස්වභාවය වන්නේ අනුරූපව හෝ ප්‍රතිවිරුද්ධව ගොඩනැගීමයි. අහේතුකව හෝ හේතු පල ලෙස හට ගන්නා විවිධ ඒකකයන් හා සංයුතීන් මෙම ක්‍රියාවලියට භාජනය වෙමින් විශ්වය තුළ මනසට ගෝචර වන විවිධාකාර සිදුවීම් හා අවස්ථාවන් නිර්මාණය වෙනවා. ස්වභාදහම තුළ සත්වයාගේ පැවැත්ම සමතුලිත වන්නේ ද කර්මය නමැති යාන්ත්‍රණය තුළින්.

 

අකුසල කර්ම ඇතිවන්නේ, මේ ආකාරයෙන් නිර්මාණය වන විවිධ ප්‍රතික්‍රියාවන් තුළට මමත්වය කේන්ද්‍රගත වීම නිසයි.

 

කර්මය යනු විවිධාකාර සංයුතීන් අතර වන ප්‍රතික්‍රියාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. සත්වයන් කියන්නේ මේ ආකාරයෙන් ගොඩනැගුණු විවිධාකාර සංයුතීන් වන අතර විවිධාකාර ධර්මතා ක්‍රියාත්මක වෙමින් මෙම සංයුතීන් ගොඩනැගෙනවා. මේ  එක් එක් සංයුතීන් අතර වන ප්‍රතික්‍රියාවල ප්‍රතිඵල ඒ ඒ සංයුතිය තුළ චිත්ත විෂය, කර්ම විෂය හා බුද්ධ විෂය අන්තර්ගත වී ඇති ස්වභාවය මත තීරණය වෙනවා. තවත් විදියකින් කිව්වොත් යම් සංයුතියකට ඊට ආවේණික චිත්ත රටාවක්, කර්ම රටාවක් හා බුද්ධි රටාවක් පවතිනවා. ඒ අනුව ඒ ඒ සංයුතිය මත ප්‍රතික්‍රියාව තුළින් ඇති වන බලපෑම ද වෙනස් වෙනවා. 

 

කුසලය යනු මෙම ප්‍රතික්‍රියාව තුළින් නිවීමට පත් වීමට ඇති හැකියාවයි. අකුසලය යනු ඒ තුළින් නිවීමට ඇති නොහැකියාව සහ ගිනි ගැනීමට ඇති නැඹුරුතාවයයි. සත්වයා කුසල කර්ම හා අකුසල කර්ම දෙකම රැස් කරන්නේ නොදැනුවත්කම මත සිටයි. කඨින චීවර පූජාවකින් වුවද කෙනෙකු අකුසල කර්ම රැස් කර ගනීමට හැකියාවක් තිබෙනවා. ඇලෙන හෝ ගැටෙන සෑම තැනකම මමත්වය පවතිනවා. ක්‍රියාව තුළ මමත්වය රැඳී පවතී නම් එය අකුසල් බවට පත්වෙනවා. මමත්වයේ රැඳී නොමැතිනම් එය කුසලයක්.

 

කොටියෙක් හාවෙක් මරණ සිදුවීමක් උදාහරණයක් විදියට ගතහොත් ස්වභාදහමේ නීතිය තුළ එය ආහාර දාමයකි. ඒ තුළින් කොටියාට රැස්වෙන අකුසලය ඉතා අල්පය. හාවාට කිසිදු කුසලයක් හෝ අකුසලයක් සිදු නොවේ. හාවාගේ කර්මය ගෙවී යාමක් පමණක් සිදුවේ. නමුත් එම ගෙවී යාම ද ඉතා අල්ප ප්‍රමාණයකි. එය තිරිසන් ලෝකයෙන් මිදීමට යම් පමණකට දායක වීමද සිදු වේ.

 

මිනිසෙක් හාවෙක් මරණ අවස්ථාවක් මේ තුළින් විග්‍රහ කළහොත් එය සොබාදහමේ නීතිය තුළ සියයට සීයක් ම ආහාරදාමය නොවේ. මිනිසාට වෙනත් මාර්ග තුළින් ආහාර සපයා ගැනීමට හැකියාව තිබිය හැකියි. ඒ අනුව මේ සිදුවීමේදී මිනිසාට සිදුවන අකුසල කර්මය ඉතා වැඩි වන අතර හාවාගේ කර්මය ගෙවී යාම ද ඊට සමානුපාතිකව බොහෝ ප්‍රමාණයක් සිදු වේ.

 

කොටියාට හමුවන හාවාත් මිනිසාට හමුවන හාවාත් මේ පැතිකඩයන්ට අනුව බොහෝ සෙයින් වෙනස් ය. මිනිසාට හමුවන හාවාගේත් කොටියාට හමුවන හාවගේත් කර්ම විෂයේ චිත්ත විෂයේ හා බුද්ධි විෂයේ අන්තර්ගතය වෙනස්ය. ඒ අනුව ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලය ද වෙනස්ය. මිනිසෙක් තිරිසන් සතෙක් හමුවුණාම ඇතිවන ප්‍රතික්‍රියාවත්, මිනිසෙක් තවත් මිනිසෙක් හමුවුනාම ඇතිවන ප්‍රතික්‍රියාවත්, මිනිසෙක් ආර්යයන් වහන්සේ නමක් හමුවුනාම ඇතිවන ප්‍රතික්‍රියාවත් මේ අනුව බොහෝ සෙයින් විවිධාකාර වේ.

 

කර්මය යනු ස්වභාදහම තුළ සත්ත්වයාගේ පැවැත්ම සමතුලිත කරන යාන්ත්‍රණයයි. කර්මය කියන්නේ න්‍යාය තුළින් හටගත්ත ඵලය. කර්මය තුළින් තමයි හේතු ඵලය හටගන්නේ. 

 

සාමාන්‍ය සත්වයාට ස්වභාදහම තුළ පවතින්න විවිධ ක්‍රම සැනසිලා තිබෙනවා. ඔවුන් සොබාදහමට දැඩි ලෙස සම්බන්ධ වෙලා ඉන්නේ. 

 

බුදුකෙනෙක් යනු සොබාදහමේ පවතින සමතුලිත අසමතුලිත ක්‍රියාවෙන් සම්පූර්ණයෙන් අයින්වූ ඒකකයක්. ඒ නිසා බුදු වරයෙකුගේ පැවැත්ම සොබාදහම තුළ රැඳී පවතින්නේ නෑ. ඊට හේතුව ඍද්ධිපාද වැඩීම නිසා මෙම පද්ධතියෙන්  සම්පූර්ණයෙන් ගැලවී තිබීමයි. එසේ ගැලවීම නිසා ස්වභාවිකව පැවැත්ම සමඟ සමපාත වෙන්නේ නෑ. ඒ නිසා සම්මා සම්බුදුවරයෙක් තම පැවැත්ම ආයාසයෙන් නැවක් නැවත හදා ගත යුතුයි. සම්මා සම්බුදුවරයෙකුට ස්වභාදහම හෙවත් තණ්හා, රති, රගා යන ධර්මතාවයන් බාහිරව දැකිය හැක්කේ ද මේ හේතුව නිසයි. අන් සත්වයන් පවතින්නේ තණ්හා, රති, රගා යන ධර්මතා තුලයි. ඒ නිසා ඔවුන්ට එම ධර්මතාවයන් වෙන්කර දැකිය නොහැකියි. සම්මා සම්බුදුවරයා ආයාසයෙන් ස්වභාදහම සමග සම්බන්ධය වරින් වර ගොඩනඟන අතර එය යම් කාල පරාසයකදී නැවතත් විසන්ධි වී යනවා. එවිට නැවත ඒ සම්බන්ධය බලෙන් ගොඩනගා ගත යුතුයි. 

 

රහතන් වහන්සේ සොබාදහමේ සමතුලිත අසමතුලිත ක්‍රියාවෙන් වියුක්ත වුවද, එය පූර්ණත්වය නොවන බැවින්, එහි පැවැත්ම ස්වභාදහම තුළ පරිනිර්වාණය තෙක් පවතිනවා. සාමාන්‍ය සත්වයෙක්ගේ තරමට නොවුනත්, එය යම් ප්‍රමාණයකින් ස්වභාදහම හා බැඳී පැවැත්ම ලෙස ගොඩනැගෙනවා. 

 

මෙවැනි ධර්මතා සැලකිල්ලට ගෙන බැලූ විට, එවැනි ඒකකයන් සමඟ සිදුවන ප්‍රතික්‍රියාවන්ගේ වෙනස්කම් ඇති බව යම් තරමකින් තේරුම් ගන්න පුළුවන්.

 

Buddha Bodhi ලෝක

ධර්මය, ධර්මතා සහ න්‍යාය

ධර්මය කියන එක සැලකුවාම ඒ තුළ ස්වභාවයන්, ලක්ෂණ, තොරතුරු, ක...
Buddha Bodhi ලෝක

පෘතුවිය, සක්වල හා ආත්මය

*පෘතුවිය ගෝලයක්ද?   අධ්‍යාත්...
Buddha Bodhi ලෝක

ලෝකෝත්පත්තිය

බුද්ධ ඥාන තුල ඇති එක්තරා හැකියාවක් තමයි සෛලයක...
Buddha Bodhi සත්ව

ආලෝකයේ මෝහ අඳුර

බුද්ධ ගේ දර්ශනයට ආලෝකයක් ලෙස දිස්වන බල ක්ෂේත්‍රයක් සූ...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....