අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
බුද්ධ
යමක මහා ප්රාතිහාර්යය
2023-05-05
යමක මහා ප්රාතිහාර්ය කියන්නේ බුද්ධත්වයෙන් පසුව බුදු වරයෙක් විසින් මුළු විශ්වයටම කරන අභියෝගයක්. අවංක පාරිශුද්ධත්වය හෙවත් මෛත්‍රී බුද්ධ ධර්මතාවය තුළ ප්රමුඛ වන ආවේණික ස්වභාවය වන්නේ ‘පාරිශුද්ධ චරිතය’ යන්නයි. ඒ ධර්මතාවය සමඟ ඔබ සම්බන්ධ වෙන්න නම්, ඔබ ඔබව අතහැරලා කටයුතු කරන කෙනෙක් බවට පත්වෙන්න ඕනා.
කලි යුගයේ බුදු කෙනෙක්ට පහළ වෙන්න ලේසි නෑ. අයුක්තිය අසාධාරණය වංචනිකත්වයට සාපේක්ෂව ඒ සියල්ල දරා ගනිමින් ඒ මත ගොඩනැගෙන්නාවූ පාරිශුද්ධත්වය තුලින් මෛත්‍රී බුද්ධ නමැති ධර්මතාවය සත්වයාට සාපේක්ෂකව ගොඩනැගෙනවා.
ගෞතම බුද්ධ ශාසනය ඉවරයි කියලා මිනිස්සුන්ට ප්රත්යක්ෂ කරන්න අමාරුයි, මොකද තොරතුරු පවතින නිසා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ගෞතම බුදුහාමුදුරුවන් මත ශ්‍රද්ධාව නිර්මාණය කරන්න බෑ. ඇයි බැරි? එහෙම කෙනෙක් ඇත්තටම නැති නිසා. ඒක දැන් තොරතුරක් පමණයි. ඒක විශ්වාසයක් පමණයි. එහෙම කෙනෙක් නෑ. එහෙනම් ඔබේ ශ්‍රද්ධාව පිහිටන්න ඕනා මෛත්‍රී බුද්ධ මත. මොකක්ද මෛත්‍රී බුද්ධ කියන්නේ? ඒ තමයි අවංකත්වය හා පාරිශුද්ධත්වය.
සියලුම බැත ගත්තොත් ආපහු කෙත වපුරන්න බීජ නැති වෙනවා. ඒ නිසා හැම බුදුවරයෙක්ම පෙළපත හදනවා. ඒ කියන්නේ මහායානය. පැහිච්ච කෙත කපලා දානවා. කලින් බුදු වරයාගෙන් හේතු සැකසුණු කට්ටිය නිවන් දක්වනවා. බුදුන් දැක මිසක් කාටවත් නිවන් දකින්න බෑ. බුදුන් දකින්න නම් අවංක වෙන්න ඕනා.
“මේ ජීවිතයේ ඉපදුන තැන ඉඳලා, මා ගැන හිතලා මා එක තීරණයක්වත් අරගෙන නෑ. මොකක්ද මෛත්‍රී බුද්ධ කියන්නේ? මේක තමයි මෛත්‍රී බුද්ධ කියන්නේ. කවුරුහරි මේකට අභියෝග කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මම බිම දිගා වෙලා එයාව මගේ කර උඩින් තියාගන්නවා. මා තුළ ඇති මෛත්‍රියට අභියෝග කරන්න කියලා කිව්වහම විශ්වය දෙදරනවා. විශ්වයට ඒ මෛත්‍රිය දරාගන්න බෑ. මෛත්‍රී බුද්ධ තමයි අවංකත්වයේ සහ පාරිශුද්ධත්වයේ රජු වෙන්නේ.”
“යමක මහා ප්රාතිහාර්යය කියන්නේ මේකයි. ඔබ කාටවත් මා වැඩූ මෛත්‍රියට, අවංක පාරිශුද්ධත්වයට අභියෝග කරන්න බෑ. බුද්ධ ඥාණයට අභියෝග කලත්, ඒ මෛත්‍රියට අභියෝග කරන්න බෑ. මුළු විශ්වයම එකතු වුණත් බෑ. මම කියන සියලුම දේවල් වැරදි වුණත්, මෛත්‍රිය එහෙම නෑ. ඒ තරම් පිරිසිදුයි.
ගෞතම බුදු හාමුදුරුවෝ රාහුල ගෙන් අහනවා,
" පුත්‍රය, නුඹට මොනවද ඕනා" කියලා.
රාහුල කියනවා,
"මට අවශ්‍යයි සියලු සත්වයන් නිවන් දකිනවා බලන්න." කියලා.
"මට පුළුවන් සියලු සත්වයන් නිවන් දකිනවා බලන්න ඔබට අවස්ථාව දෙන්න. හැබැයි ඔබට ඒ හැම සත්වයෙකුගේම භව කතර වල් වලට යන්න වෙනවා. " ගෞතම බුදුන් පවසනවා.
එතකොට රාහුල කියනවා,
"ස්වාමීනී මම යන්නම්. මට එහෙම යන එක දුකක් නෙවෙයි. නමුත් ඒ සත්වයන් සසර යන එක මට දුකක්." කියලා.
සත්වයා වෙනුවෙන් සියල්ල අතහැරීම තුළ, නිවන පවා අතහැරීම තුළ, මෛත්‍රී බෝධිසත්වයන්ගේ නෙක්ඛම්ම පාරමිතාව හැර අනිත් පාරමිතා සියල්ල එකවර සම්පූර්ණ වෙනවා. ඔබලා නිවන් දකින්න, මම ඔබලා වෙනුවෙන් සසර ඉන්න සූදානම් කියන තැනට අවංකව පත්වීම තුල සියලු පාරමිතා එකවර පූර්ණය වෙනවා.
එතනදි තමයි බුදු හාමුදුරුවෝ ප්‍රථම වතාවට එතන තිබුණු නෙළුමක් අතට දීලා කියන්නේ මේ නෙළුම තරම් පිරිසිදු නෙළුමක් තවත් නෑ කියලා. එතනදී ගෞතම බුදුන් වහන්සේ ප්‍රථම වතාවට උන්වහන්සේගේ ධර්මාසනය මත රාහුලව ඒ නෙළුම දීලා වාඩි කරවනවා. එතැනදි උන්වහන්සේ කියනවා මේ මෛත්‍රිය ඉදිරියේ මමත් අසරණයි කියලා. මේ සසර තුළ දී මෛත්‍රි ගුණය ප්‍රගුණ කරන්න.
මෙය අනන්ත වූ විශ්ව තලයටත් අනන්ත වූ සත්ව තලයටත් කරන අභියෝගයක්. මගේ මෛත්‍රියට ඔබ කාටවත් අභියෝග කළ නොහැකියි!
ධර්මය, ධර්මතා සහ න්‍යාය
2024-08-10