maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi
maithribodhi

බුද්ධ

බුද්ධ යනු නොපැවැත්මේ සංකේතයයි. කිසිදු පුද්ගලයෙක් තුල හෝ ආගමික සංස්කෘතික රාමුවක් තුල හෝ, කිසිදු පැවැත්මක් තුල බුද්ධ නමැති පූර්ණ ධර්මතාවය හමු නොවේ. සත්වත්වය පිලිබඳ සියලු යාන්ත්‍රණයන් බුද්ධ තුල අන්තර්ගත වන අතර සත්වයා නිවීමේ සූත්‍රය බුද්ධ ඥාන හරහා ගොඩනැගේ. ධර්මය දකින්නා තමා තුල බුද්ධ අවධිකර ගැනීම තුලින් බුදුන් දකීයි.

තවත් කියවන්න

maithribodhi

කර්ම

කර්ම සාපේක්ෂ ප්‍රතිබද්ධ පරිණාම ක්‍රියාවලිය හෙවත් හේතු පල ධර්මයට හේතුවන ධර්මතාවය කර්මය නම්වේ. අවිද්‍යාව නිසා කර්මය මමත්වයෙන් ගැනීම තුළ පුද්ගලික කර්මය සහ හේතුඵල සකස් වීම නිසා සත්වයා තම ලෝකය හා සසර නිර්මාණය කර ගනීයි.

තවත් කියවන්න

maithribodhi

සත්ව

සත්වයා යනු අවිද්‍යාව නිසා කර්ම පථයක් මත හේතුඵල නිර්මාණය වීමෙන් සිදුවන ශක්තීන් සමූහයක ආවේණික ගලා යාමකි. ඒ තුල චිත්ත, කර්ම, විශ්ව, බුද්ධ යන චතුර්ශක්ති සංයුතිය, ඒ ඒ සත්වයාට ආවේණික වූ ආකාරයකින් ක්‍රියාත්මක වෙයි.

තවත් කියවන්න

maithribodhi

චිත්ත

චිත්ත ශක්තිය සත්වයා නිර්මාණය වීමට දායක වන එක් විශ්ව ධර්මතාවයකි. සත්වයා අත්දකින මනස, මානසික තල, හැඟීම්, සිතුවිලි යන සියල්ල චිත්ත, විඥාන හා කර්මය හරහා නිර්මාණය වෙයි. අවිද්‍යාව සහ නිසා සත්වයා මේ සියල්ල උපාදානස්කන්ධය හෙවත් සිත ලෙස ග්‍රහණය කරයි.

තවත් කියවන්න

maithribodhi

ලෝක

පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතු ස්වභාවයන් අවකාශ ධාතුව ලෙස පවත්නා බල ක්ෂේත්‍රයක් තුළ විවිධාකාරයෙන් සංකලනය වීමෙන් අනන්ත වූ ලෝක ධර්මතාවයන් නිර්මාණය වේ. සත්වයා අත්දකින සිතුවිලිවල පටන්, ස්වභාදහම, සත්ව තල,  දක්වා සියල්ල මේ සතර මහා ධාතු ගුණ ස්වභාවයන්ගෙන් යුක්තය.

තවත් කියවන්න

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....