දත්ත නොමැත.
පරම සත්‍ය හා නිර්වාණය ගැන සාකච්ඡාවක්
2024-08-31
බුද්ධ, ශරීරය දරාගෙන ඉන්නේ සත්වයා වෙනුවෙන්. බුද්ධ ක්ෂේත්රයේ මෙහෙම සංසිද්ධියක් තියෙනවා. මෛත්‍රිය බුදුන් තවත් බුදුරුවක් මවල, ඒ බුදුරුව ප්‍රශ්න අහනව, බුදුන් උත්තර දෙනවා.
ඒ නිර්මිත බුදුරුව, බුදුන්ගෙන් මෙහෙම ප්‍රශ්නක් අහනවා.
ගඟක් කියන්නේ වතුර එකක් වැටිලා ගලාගෙන යන එකක්ද? වැස්සක් වැටිල ගලාගෙන යන දිය පහරක් ද?
පොළොවෙන් මතු උන වතුර ගලාගෙන යන එකක්ද? ගඟකට ගඟක් කියන්නේ කුමන පදනමකින් ද?
බුදුන්:
ඇලපාර වල වතුර එකතු වීමෙන්, උල්පත්වල වතුර එකතු වීමෙන්, වැස්සෙන් වැටෙන වතුර එකතු වීමෙන්, කාණුවල වතුර එකතු වීමෙන්, මෙහෙම සතර දිසාවෙන් වතුර එකතු වීමෙන් ගංගාවක් හැදෙනවා. එහෙම එකතු වී හැදෙන විශාල ජල දහරාවක් තමයි ගංගාවක් කියන්නේ. එය ගංගාවක් ද නොවේ ද කියන දේ තීරණය වන්නේ ඔබට පේන දේ අනුවයි.
ඔබ මහා ගංගාවක් දැක ඇත්නම්, ඔබට එය ඇල පහරක්සේ දැනෙන්නට පුළුවන්.
ඔබ බුද්ධ සහ බුද්ධ ශාසනය යන දෙක මා තුළ නොසොයන්න. ඔබ මෙයට වැඩිය විශාල ගංගාවක් දැක ඇත්නම්, එයට බුද්ධ කියන්න.,ඔබ එයට හසු වෙනතාක් එයට බුද්ධ කියන්න. වැඩිම ඥාන ප්‍රමාණයක් එකතු වූ තැනට බුද්ධ කියන්න. මා දකින විශාලම දහරාව මෙය බැවින් එයට මා බුද්ධ යැයි කියමි. ඔබ මීට වඩා විශාල දහරාවක් දකීනම්, ඔබ එයට බුද්ධ කියන්න.
මැවූ බුදුරුව නැවතත් ප්‍රශ්නයක් අහනවා:
ඔබ කතා කරන දේ, බුද්ධ තුළින් අවබෝධ කරගත් පරම සත්‍යය යැයි ඔබ කියන්නේ කෙසේද ? ඔබ පිලිගන්නේ කෙසේද?
බුදුන්:
මා පෙන්වන මාර්ගය, දර්ශනය ,න්‍යාය , ප්‍රඥාව සහ නිවීම කියන කාරණයන්ගෙන් ඔබ්බට ගිය සත්‍යයක් ඔබට මුණගැසුනුදාට ඔබ එයට පරම සත්‍ය යැයි කියන්න. ඒ දක්වා මෙය පරම සත්‍ය වේ යැයි සලකන්න.
මැවූ බුදුරුව:
ඔබ පෙන්වන මාර්ගය තුළ ගමන් කිරීමෙන් නැවත උපදින්නේ නැත යැයි කියා මැරී නොමැරී ඔබ ඔප්පු කරන්නේ කෙසේද?
බුදුන්:
මේ සසර හටගත් ආකාරය සසර වෙන කෙනෙකුට නොදැකිය හැකි තරම් දුරට මා දැක තියෙනවා. මා තරම් භව හට ගන්නා ආකාරය දුටු කෙනෙක් සිටී යැයි මම විශ්වාස නොකරමි. ඔබේ මේ මොහොතේ භවය මා දෙන මාර්ගය ඔස්සේ යාමෙන් හට ගන්නේ නැති බවත් එය නිරුද්ධ වෙන බවත් එහි පැවැත්මක් හටගන්නේ නැති බවත් ඔබට ප්රත්යක්ෂ වන තුරු මෙම ධර්මය පිරිමදින්න.
එය ඒකාන්තයෙන් පූර්ණ වූ කල්හි ඔබට ඔබ පවසන මරණය ද උපත ද තවත් භව දෙකක් බව වැටහේවි.
මැවූ බුදුරුව:
ඔබ වහන්සේ සත්ත්වයෙක් ගැන, කර්මය ගැන, චිත්තයක් ගැන, ලෝකයක් ගැන, බාහිර ලෝකයක් ගැන, අභ්‍යන්තර ලෝකයක් ගැන, නාම රූපයක් ගැන කතා කරනවා. ඒවා කුමක් මත පදනම්ව සත්‍යයක් යැයි පවසන්නේද?
සිතට සිතක් යයි කියන්නේ කුමක් මත පදනම්වද?
කල්පනාවට කල්පනාවක් යයි කියන්නේ කුමක් මත පදනම්වද?
බුදුන්:
සත්ත්වයා මත පදනම්ව. සත්වයාටයි කර්මය කියලා දෙයක් තියෙන්නේ, සිත කියලා දෙයක් තියෙන්නේ, නාමරූප කියලා දෙයක් තියෙන්නේ, බාහිර අභ්‍යන්තර ලෝකයක් තියෙන්නේ. මට එහෙම දෙයක් නෑ. මේ බුදුන්ගේ නොව සත්ත්වයාගේ දහමයි. එතන ඉදල කතා කරනවා ඇරෙන්න මට කතා කරන්න දෙයක් නැහැ. බුදුන්ට බුදුන්ගේ දේශනාවක් විදියට තියෙන්නේ චතුරාර්ය ශක්තිය දේශනාව පමණයි. මේ ධර්මය සත්ත්වයාගේ ධර්මයක්. සත්වයාගේ විඥානයක්.
මැවූ බුදුරුව:
ඔබ කියන තරම් නිවීමක් මට නම් දැනෙන්නේ නැහැ.
බුදුන්:
ඒකට තමයි නිවීම කියන්නේ. ඔබට එහෙම එකක් දැනෙන්නෙ නැති එක තමයි නිවීම.