දත්ත නොමැත.
බණ කියන විදිය
2024-08-31
- රාහුල
දවසක් ගෞතම බුදුන් රාහුලව තවත් භික්ෂූන් වහන්සේලා කීප දෙනෙක් එක්ක භාවනා කරන්න කැලේට යවනවා. කැලේ ඇතුලේ පාඩුවේ ඉන්න වෙලාවක කුරුල්ලෙක් ගේ සද්දයක් ඇහිලා රාහුලට යම් කරුණු කාරණා වගයක් තේරෙනවා.
ඊට පස්සේ භාවනා කරන්නත් ඕනෑ නෑ වගේ හින්දා රාහුල කැලේ ඇතුළෙ විනෝද වෙවී ඉන්නවා. ඊට පස්සේ කැලෙන් ආපහු ගියාම අනිත් කට්ටිය කේලනුත් කියනවා ගෞතම බුදුන්ට රාහුල භාවනා කරේ නෑ කියලා. එතකොට රාහුල කියනවා නෑ මට ධර්මතා වගයක් තේරුණා කියලා. එතකොට ඒක පැහැදිලි කරන්න කියලා ගෞතම බුදුන් කියනවා. එතනදි රාහුල ඒක කුරුලු සද්දයක් වුණ හැටි, මිහිරි සද්දයක් උන හැටි ඒ විද්‍යාව තමයි පැහැදිලි කරන්නේ. නමුත් ඒක කාටවත් තේරෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ කෙලින්ම විද්‍යාව කතා කළේ නෑ. මොකද ඒ කාලේ විද්‍යාව කෙලින්ම තේරුම් ගන්නා අය හිටියේ ටික දෙනයි. දහම දුන්නා එතකොට දහම තුළින් අනිත් අය තුළ විද්‍යාව පහළ වුණා. නමුත් අද අයට විද්‍යාව දෙන්න පුළුවන්.
ඉතිං ඒක ඉවර වෙලා ගෞතම බුදුන් කිව්වා ඒ කුරුල්ලා බඩ කිව්ව නේද කියලා. මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම බණ කියනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ බණ කවුරුවත් අහන්නේ නැති එක. හැමෝම බණ කියනවා ඇයි සත්වයා අහන්නෙ නැත්තෙ? සත්වයා කොහේ හරි හිර වෙලා ඉන්නෙ ඒකයි අහන්නෙ නැත්තෙ.
කුරුල්ලා කුරුලු සද්දෙන් බණ කියන්නේ යම් සේද, සුළඟ හෝ සෙලවෙන කොළයක් බණ කියන්නේ යම්සේද, පොළොව බණ කියන්නේ යම් සේද, ඔබ බණ කියන විදිය ඔබ සොයා ගන්න.
එතනදි තමයි රාහුලට එයාගේ ක්‍රමය වැටහුණේ. සත්වයාගේ කර්මය කියවා චිත්තය කියවා එයාගෙ හේතු ඵලය බලලා ඒක අනුව තමයි ක්‍රමය සැකසුණේ.