දත්ත නොමැත.
කුස තණ මිටි අට සහ අටලෝ දහම
2024-08-31
බෝසතාණන් බුදුවෙන කොට කුස තණ මිටි අටක් උඩ වාඩි වුනා කියලා කතාවක් තියෙනවා. බමුණන් ගේ දහමේ පදනම තමා අටලෝ දහම. ඔවුන් කිව්වේ අටලෝ දහමින් කම්පා නොවීම තමා මෝක්ෂය කියලා. සොත්ථිය බමුණා මේ කුස තණ මිටි අට සිද්ධාර්ථ බෝසතානණ්ට දෙන්නේ බමුණු දහමේ මේ පණිවිඩය ගැන ඉඟියක් දෙන්න. අටලෝ දහම කියන එක සංකේතවත් කරන්න තමයි මිටි අටක් දෙන්නේ. බෝසතාණන් ඒක බිම දාලා ඒක උඩින් වාඩි වෙන්නේ අටලෝ දහමින් කම්පා නොවීම නෙවෙයි දහම කියලා පෙන්නන්න. ඒ දහම ගණන් ගන්නේ නෑ කියලා පෙන්නන්න.
ඒ කාලේ අටලෝ දහමින් කම්පා නොවීම ඉවීම සඳහා පෙන්වන මාර්ගය පියවර අටක් තිබ්බා. සෝවාන් මග ඵල, සකෘදාගාමී මග ඵල, අනාගාමී මඟ ඵල සහ අරිහත් මග ඵල. මේ සසර මග සසර ඵල ක්‍රමය බමුණෝ ගාව තිබ්බ එකක්. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුදු වුණාට පස්සේ මේ ක්‍රමය ප්‍රතික්ෂේප කළේ නෑ. අටලෝ දහමින් කම්පා නොවීම අනුමත කළා. මේ සසර මග සසර ඵල ටිකත් අනුමත කළා. නමුත් අරහත් ඵලයට එහා නවවැන්න කුත් හඳුන්වා දුන්නා. නවලෝකෝත්තර ශ්‍රීසද්ධර්මය කිව්වේ ඒකයි. ඒ තමයි අරහත් බෝධිය. ඒක බුද්ධ කියන මාර්ග දර්ශනය හරහා එන එකක්. කුසල මාර්ගය වඩපු කෙනෙකුට සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ඵලයන්ට පත්වෙලා තමන්ට තනිවම මාර්ගය වඩලා ඉවරයි කියලා සනාථ කරගන්න බෑ. ඒකට හේතුව තමයි සකෘදාගාමි ඵලයෙන් එහාට තමන්ව පේන්නේ නැතිකම. බුදු, පසේබුදු හෝ මහරහත් කෙනෙක්ගෙන් මාර්ග දර්ශනයක් ලැබුණු කෙනෙකුට සකෘදාගාමි ඵලයෙන් එහාට සමහර විට මාර්ගය දැක ගන්න හැකියාව තියෙන්නත් පුළුවන්. නමුත් ආසවක්ඛය ඥානයට තමයි උපාදානයේ සියුම් ස්වභාවයන් දකින්න පුළුවන් වෙන්නේ. බුද්ධ ඥානයන් ගේ උපකාරය ලබාගෙන බෝධියට පත්වෙලා තමයි පරිනිර්වාණය වෙන්න පුළුවන් වන්නේ. බෝධිය තමයි පරිනිර්වාණය වෙන්නේ.
නමුත් මේ කුසල මාර්ගය හරහා මාර්ග ඵල ලබාගෙන එන ක්‍රමය දීර්ඝ මාර්ගයක්. මාර්ග දර්ශනයක් නැතුව යන්න අමාරුයි. ඊට අමතරව හේතු පූර්ණය හරහා, අංගුලිමාලයන් රහත් බෝධියට පත්වුණා වගේ සසරින් ගැලවෙන්න මාර්ගයන් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ අවංකත්වය හා පාරිශුද්ධත්වය යි. හේතු පූර්ණ නම් " ඔබ දැන් ආවා ඇති, ඔබ නවතින්න ", "එව මහණ" වැනි වදනයකින් සසර ගමන නවතිනවා. ගෞතම බුදුන් වැඩ සිටිය කාලයේ ඒ වගේ සිදුවීම් පිළිබඳ කතා ඔබ අහල ඇති. ඒ ක්‍රම වේදය පදනම් වෙලා තියෙන්නේ සර්වඥතා ඥානය, ආසවක්ඛය ඥානය, චුතූපපාත ඥානය හා පුබ්බේනිවාසානුස්සති ඥානය වැනි ඥානයන් මත. ප්‍රඥාවන්තයන් ඇසුරු කිරීම හරහා ද හේතු පූර්ණය සිදුවෙන්න පුළුවන්. බෝධි චිත්තය ඇතිවෙලා ඒක පුර්ණය වීමෙන් තමයි හේතුපූර්ණය සිදුවෙන්නේ.