දත්ත නොමැත.
මනෝ පුබ්බංගමා ධම්මා
2024-08-31
මනස කියන්නේ සියල්ල ආවරණය කළ කටුවක් (shell) වගේ දෙයක්. ඥාන දර්ශනයක් තිබෙන කෙනෙක් හෝ ආධ්‍යාත්මිකයෙක් වුණත් මනස මූලිකව කටයුතු කරන අවස්ථාවන්හිදී මානසික කාරණා තුළින් ලෝකය දැකීමට හෝ කටයුතු කිරීමට ඉඩ තිබෙනවා. ඔවුන් අන් අයගෙන් වෙනස් වන්නේ තණ්හාව, භවය හදන කර්මයන් සිදු නොවන නිසයි. සියලු ධර්මයෝ අනිත්‍ය වූ සංස්කාරයන් ලෙස ගෞතම බුදුන් වහන්සේ ප්‍රකාශ කළේ මේ ආවරණය ඉවත් කර එතනින් එහා ඇති ඥානය විවෘත කර දීම සඳහා යි. නමුත් ඒ ඥානයන් ලැබුනේ පස්සේ ඒවා අතහැරලා නැවතත් මනස සමබර කරගෙන කටයුතු කරනවා.
දිනක් බුදුන් වහන්සේ ගමනක් යන විට මාළුබාන වයසක පුද්ගලයෙක්ව දැක්කා. බුදුන් වහන්සේ එයාව කාලෙක ඉඳන් අඳුරනවා. ඊට පස්සේ උන්වහන්සේ ඒ මාළු බාන පුද්ගලයා අසලට ගියා. ඔහු ගාවින් ඉදගත්තා. ඔහු සමග කුලුපගව බොහෝ වෙලාවක් සතුටු සාමීචියේ යෙදී සිටියා. අර පුද්ගලයත් දිගටම මාළු බාමින් සිටියා.
"මොනව කරන්නත් කාල ඉන්න එපැයි නේද" කියලා බොහෝ වෙලාවකට පස්සේ බුදුන් වහන්සේ පැවසුවා.
එතකොට අර පුද්ගලයා පුදුම වෙලා වගේ ඇහුවා ඔබ වැනි ආධ්‍යාත්මිකයෙක් ඇයි ආහාර ගැන ඔය තරම් සැලකිල්ලකින් කතා කරන්නේ කියලා.
ඒ වෙලාවේ උන්වහන්සේ මනස මූලික වූ ස්වභාවයෙන් මිදිලා ඥානයන්ට සම වැදිලා විඥාන ආහාර ගැන පරමාර්ථ දේශනාවක් සිදුකරා. අර පුද්ගලයා එයින් අවබෝධයට පත් වුණා.
මේ සිද්ධිය එකල සමාජයේ ප්‍රසිද්ධ වෙලා සමහර අය ගෞතම බුදුන්ට නිග්‍රහ කළා. ආධ්‍යාත්මිකයෙක් ඇයි මාළු බාන කෙනෙක් එක්ක කතා කර කර හිටියේ කියලා ඔවුන්ට ප්‍රශ්නයක් වුණා. ආධ්‍යාත්මිකයෙක් වුණත් මනසට හසු වන අවස්ථාවන් තියෙන්න පුළුවන්.