දත්ත නොමැත.
අවබෝධය නොපිළිගත් මනස
2024-08-31
රහත් වුණත් තමන් රහත් කියලා දන්නැති අය සමාජයේ ඉන්න පුළුවන්. ගෞතම බුදුන්ගේ කාලයේත් ඒ වගේ අය සිටියා. එක දවසක් ඒ වගේ කෙනෙක් ගෞතම බුදුන් ගාවට ඇවිල්ලා ඔහුගේ අත්දැකීම් කතා කර කර සිටියා. බුදුන් වහන්සේ කිව්වා "ඔබට කරන්න කිසිම දෙයක් නෑ ඔබගේ අවබෝධය පුර්ණයි" කියලා. නමුත් ඔහු දිගින් දිගටම කිව්වා මා ගිහි ජීවිතයේ කාන්තාවන් එක්ක ඉන්නවා මා අතින් නොයෙක් වැරදි වැඩ සිදුවෙනවා ආදී වශයෙන්. ඔබ කොහොමද ඒව වැරදි කියලා කියන්නේ ගෞතමයන් වහන්සේ ඇහුවා. ඔබ ගිහි ජීවිතය තුළ ඉන්නකොට කාන්තාවන් සමග සිටිය කියලා ඔබගේ අවබෝධයට මොනවහරි වෙනවද? උන්වහන්සේ ඇහුවා.
නමුත් ඔහුගේ මනස ඒක පිළිගත්තෙම නෑ. ඔහු කාලයක් තිස්සේ මේ විදියට තමන්ගේ අවබෝධය පිළිගන්නෙ නැතිව ඉඳලා පසුව මහණ වුණා. පටිපදාව තුළ ඔහු තමන්ගේ අවබෝධය පිළිගත්තා. නමුත් ඔහුට ගිහි ජීවිතයේ ඉන්න කාලෙත් එම අවබෝධයම තිබුණා. ඒත් එම ජීවිතය තුළ ඔහුගේ මනස එම අවබෝධය පිළිගත්තෙ නෑ.