maithribodhi
maithribodhi

දත්ත නොමැත.

maithribodhi

සහම්පතී සහ ගෞතම බුදුන්

2024-08-31

Maithribodhi

සිද්ධාර්ථ ගෞතමයන් බුදු වුණාට පස්සේ එකපාරම බණ කියන්න ගියේ නෑ. අවුරුදු තිස් පහේ ඉඳලා හතලිහ වෙනකම්ම  ගෞතම බුදුන් වහන්සේ බණ කිව්වේ නෑ. ආපහු මාළිගයට යන්න පටන් ගත්තා. මාළිගාවේ අයත් එක්ක ඉන්න පටන් ගත්තා. දරුවත් එක්ක ඉන්න පටන් ගත්තා. රජ වාසලටත් ගියා. එතකොට මිනිස්සු හිනා වෙන්න ගත්තා. නින්දා අපහාස කරන්න පටන් ගත්තා. නමුත් උන්වහන්සේ එය දැනගෙනයි කළේ. තමන්ගේ බුද්ධත්වය පරික්ෂා කරමින් සිටියේ. ආර්ය පර්යේෂණයේ නිරත වෙලා සිටියේ. නමුත් කාටවත් එහෙම දෙයක් ගැන කිව්වේ නෑ. මේ නින්දා අපහාස වැඩිවීම නිසා මාළිගාවේ පිරිසත් අපහසුතාවයට පත් වුණා. ඒ නිසා ගෞතමයන් වහන්සේ ආපහු මාළිගාවෙන් එළියට ගොස් තැන තැන යන්න පටන් ගත්තා. දර්ශනය කතා කරන තැන් වලට ගියා. කුතුහල ශාලාවලට ගියා. තාපස ජීවිතයට සත්‍ය සොයා යන්නන්ගේ ජීවිතයට ආපහු එකතු වුණා. මේ පරීක්ෂාව තුළ බුද්ධත්වය පිළිබඳ තහවුරු වීම සිද්ධ වුණා.  ගෞතම බුදුන්ට මෙම බුද්ධත්වය කාටහරි තේරුම් ගන්න පුළුවන් විදියට කියන්නේ කොහොමද කියලා මුලදී අදහසක් තිබ්බෙ නෑ. කාටවත් ඒක ඔප්පු කරලා පෙන්නන්නත් බෑ. එනිසා කියන්න ගියෙත් නෑ.

 

දවසක් උන්වහන්සේට සහම්පතී නමින් හැඳින්වූ සත්‍ය ගවේශකයන් ප්‍රශ්න කරන තැන තැන යන බමුණෙකු හමුවුණා ගමනක් යමින් සිටින අතරමගදී. සහම්පතී සාමාන්‍යයෙන් ඒ වගේ කෙනෙක් හමුවුනාම කරන්නේ " ඔබ කොහෙද යන්නෙ? ", "මොනවද කරන්නේ?",  "ඔබ දන්නෙ මොනවද?",  "නොදන්නේ මොනවාද?",   "සත්‍ය කියන්නේ මොකක්ද?" ආදී වශයෙන් ප්‍රශ්න කරන එකයි. ඒ ප්‍රශ්න කිරීම තුළ සත්‍ය සොයාගත හැකි බවයි ඔහු විශ්වාස කළේ. ඔහු රැවුල වවාගත්  තරමක් අසාමාන්‍ය විමර්ශනශීලි චරිතයක් තිබුණු කෙනෙක්. ඔහු සිද්ධාර්ථ ගෞතමයන්ගෙනුත් මේ ප්‍රශ්න ටිකම ඇහුවා. 

 

ගෞතම බුදුන් දුන්නේ මේ වගේ උත්තර ටිකක්. "යන කෙනෙකුත් නෑ". "කරන දේකුත් නෑ". "දන්න දේකුත් නෑ". "නොදන්න දේකුත් නෑ".  "සත්‍ය කියල දේකුත් නෑ". සහම්පති මේ අනපේක්ෂිත පිලිතුරු මනසින් විශ්ලේශනය ගන්න උත්සහ කලත් මුකුත් තේරුම් ගන්න බැරි වුණා. බුදුන් වහන්සේ ඒ බව දුටුවා. එතනින් පස්සේ සහම්පති කතාබහක් නැතුව පිටවෙලා ගියා.

 

එතකොට තමයි ගෞතම බුදුන්ට ධර්මය කියන්න ඕන විදිය ගැන සැලසුම හැදිලා ආවෙ. අන්ත දෙකෙන් මිදීම සහ මැදුම් පිළිවෙත තුලින් තමයි ධර්ම මාර්ගය නිර්මාණය කරන්න ඕනේ කියලා. ගෞතම බුද්ධ ශාසනය නමැති ක්‍රමවේදයට පදනම වැටුණේ ඒ මුණ ගැසීම හරහා.

 

පසුව උන්වහන්සේට මතක් උනා බුද්ධත්වය ගැන අනාවැකි කිව්ව කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයාව. ඒ වනවිට ආර්ය පර්යේෂණය තුළ සිද්ධාර්ථ ගෞතමයන්ගේ ක්‍රියාකලාපය හින්දා කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයාගේ අනාවැකියත් අභියෝගයට ලක් වෙලා ඔහුත් විහිලුවට පාත්‍ර වෙලා වැනි තත්වයක් උදා වෙලා තිබුනේ. ගෞතම බුදුන්  කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා වෙතට  ඔහු බුදුන්ව පිළිගත්තෙ රජමාළිගාවේ කෙනෙක්ව පිළිගන්න විදියට. ඊට පස්සේ සිද්ධාර්ථ ගෞතමයන් ඔහුගෙන් ඇහුවා ඔබගේ අනාවැකිය හරි කියලා ඔබ තවම පිළිගන්නවද කියලා. ඔහු කිව්වා ඒක වරදින්න විදියක් නෑ කියලා. 

ඊට පස්සේ තමයි උන්වහන්සේ බුද්ධත්වය ප්‍රකාශ කළේ. එහිදී ගෞතම බුද්ධ කොණ්ඩඤ්ඤට චතුරාර්ය ශක්තිය දේශනාවක් සිදු කළා. එයින් ඔහු සෝවාන් ඵලයට පත්වුණා. ගෞතම බුද්ධ ශාසනය ඇරඹුනේ ඒ විදියට. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයන් හරහා තමයි ඒක පටන් ගත්තෙ. ඔහු තමයි මුලින්ම ප්‍රකාශ කළේ බෝසතාණන් බුදු වෙලා කියලා.

 

ගෞතම බුදුන් වහන්සේ ඉදිරිපත් කළේ මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ දේව සංකල්පයක් ද නැත්තං මෝක්ෂයට එහා ගිය තවත් දෙයක් ද ආදී වශයෙන් ප්‍රශ්න කරපු අයට එක එක අදහස් ආවත් ඒ කියන්නේ මොකක්ද කියල බොහෝ අයට මුලදී තේරුනේ නෑ. 

 

අද වගේ තොරතුරු මත පදනම්ව මනස දියුණුව පවතින කාලයක බුද්ධ හෝ මැද ගැන කෙනෙකුට අහන්න ලැබුනත් බොහෝවිට සිදුවන්නේ තොරතුරු විදියට ග්‍රහණය කරගන්න එකයි. මැදට පත්වීම හරහා බුද්ධ ස්වභාවය ස්පර්ශ කරගෙන එය ඥානයක් බවට පත්කරගැනීමේ ක්‍රමය මනස මූලික වීම තුල වැහෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ, අන්ධ භක්තිය ඇතිවූ කෙනෙක් නම් මේ ස්වභාවයන්ට දේවත්වයක් ආරෝපණය කරගෙන අදහන්න පටන් ගන්නවා. ඒ තුළින් මාර්ගය වැසෙනවා. තොරතුරු විශ්ලේශන මනසක් හා ඒ ස්වභාවයට බැඳුනු කෙනෙක්, මානසික දර්ශනවාදියෙක් නම් මෙය තවත් එක් මිථ්‍යා දේව සංකල්පයක් වැනි දෙයක් යැයි බැහැර කරනවා. බුදුන් වහන්සේ දේශනා කළේ බුද්ධ ඥාන දර්ශනය තුලින් මිසක් නිර්මාණය කරගත් මානසික දර්ශනවාදයක් නොවන බව මනස මූලිකව සිටිනතාක් තේරුම් ගන්න බැහැ. 

 

පස්සේ දවසක ගෞතම බුදුන්ට පාරේ අතරමගදී සහම්පතිව හම්බුනා. "ආ මිත්‍රයා කොහොමද? කොහෙද යන්නෙ? ඔබ දන්නෙ මොනවාද? නොදන්නේ මොනවාද? " කියලා ගෞතම බුදුන් සහම්පතී ගෙන් ඇහුවා. 

එතනින් පස්සේ ඔවුන් බොහොම කුළුපග වුණා. සහම්පතීට නිවන් දකින්න උවමනාවක් තිබ්බෙ නෑ. සත්‍ය සොයා ගැනීමයි අරමුණ වුනේ. මේ සිද්ධියෙන් පස්සේ ඔහු ගෞතම බුදුන් සමග බොහොම සමීප මිත්‍රයෙක් විදියට කටයුතු කළා.

 

දවසක් ගෞතම බුද්ධ සහම්පතීගෙන් ඇහුවා, ඔබට මම බීජයක් දුන්නොත් ඒක ඔබ ගසක් බවට පත් කරන්නේ කොහොමද කියලා. එතකොට සහම්පතී කිව්වා මම මුලින්ම පරිසරය පස සකස් කරනවා. ඊට පස්සේ බීජය වපුරනවා. ඒක වැඩෙන කං රැකබලා ගන්නවා. වැඩුනට පස්සේ ස්වභාවිකව හැදෙන්න දෙනවා. ඊට පස්සේ ඒක මහා වෘක්ෂයක් බවට පත්වෙනවා කියලා. ගෞතම බුදුන් වහන්සේ හේතු ඵලය ගලපලා තමයි සහම්පතීට එම පරියාය දේශනා කළේ. ඔහුට එහිදී බුද්ධ ස්වභාවය ස්පර්ශ වුණා. 

 

Buddha Bodhi

සේරිවාණිජ

බාලයා ද පණ්ඩිතයා ද සිටින්නේ ඔබ තුළ ය. දෙව්දත් ද බ�
Buddha Bodhi

කැඩපත

දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ගෞතම බුදුන්ගෙන් ම
Buddha Bodhi

මනෝ පුබ්බංගමා ධම්මා

මනස කියන්නේ සියල්ල ආවරණය කළ කටුවක් (shell) වගේ දෙයක්.
Buddha Bodhi

මනස හා අධ්‍යාත්මිකත්වය

සාසනය බිහිවෙලා ආරාම වල පිරිස වැඩිවන්නට පටන් ගත්

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....