maithribodhi
maithribodhi

දත්ත නොමැත.

maithribodhi

සහම්පති සහ රාහුල

2024-08-28

Maithribodhi

දවසක් ගෞතම බුදුන් වහන්සේ, කාශ්‍යප හාමුදුරුවෝ, සහම්පති සහ රාහුල ඉන්න තැනක දී බුදුන් වහන්සේ කිව්වා වර්තමාන සාසනයත් අනාගත සාසනයත් දෙකම මෙතන තියෙනවා කියලා. රාහුලට ඒක එච්චර තේරුනේ නැහැ. ඒක ඕන්නං මෙයාගෙන් අහගන්න කියලා රාහුලට  සහම්පතිව පෙන්නලා ගෞතම බුදුහාමුදුරුවෝ යන්න ගියා. රාහුල සාමාන්‍යයෙන් සහම්පතිව ගණන් ගන්නෙ නෑ. සහම්පති කොහොමත් කාවත් ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. මේ පරතරය ගොඩක් කල් ඉදන් තිබ්බේ. රාහුල හිතාගෙන හිටියේ සහම්පතී කියන්නේ මුකුත් නොදන්න කෙනෙක් විදියට.   

 

නමුත් කොහොම හරි අන්තිමට රාහුලට සහම්පතීගෙන් බුදු හාමුදුරුවෝ අර වෙලාවේ මොකද්ද කිව්වේ කියලා අහන්න සිදුවුණා. මොකක්ද ඒ කිව්වේ කියලා රාහුල සහම්පතී ගෙන් ඇහුවා. "ඔබ වහන්සේ කියන විදියට තමයි " කියලා උත්තරයක් දීලා සහම්පති යන්න ගියා. එතැනදී රාහුලට සැකයක් ආවා බමුණෙක් වගේ හිටියට මෙයා මොනාහරි දන්නවා කියලා. එදා ඉඳන් ඔහු ගැන පොඩි ගෞරවයක් ඇති වෙන්න පටන් ගත්තා.

 

ගෞතම බුද්ධ පරිනිර්වාණයේ දී වැඩියෙන්ම කනගාටු වෙච්ච කෙනෙක් තමයි සහම්පතී. රාහුල එතනදි ඇඬුවෙ නෑ.

 

රාහුල සහම්පතී ගාවින් වාඩි වෙලා කිව්වා  "බුද්ධ අනිත් අයට පරිනිර්වාණය වෙනවා කිව්වට ඇත්තටම පරිනිර්වාණය වුණේ නෑ " කියලා. එතනදි සහම්පතී ට තේරුනා මේ කියන්නේ බුද්ධ ස්වභාවය ගැන කියලා.

 

එදා ඉදන් ඔවුන් දෙදෙනා අතර ලොකු මිත්‍රත්වයක් තිබුණා. ඊළඟට බුද්ධ ශාසනය කොහොමද ගෙනියන්නේ කියන සැලසුම ප්‍රධාන වශයෙන් සකස් කළේ කාශ්‍යප හාමුදුරුවොයි, රාහුලයි, සහම්පතීයි.

 

එතකොට කොහොමද අතීත කතා සියල්ල රාහුල දන්නේ? ගෞතම බුදුන් ඒ සියල්ල රාහුලට කිව්වා. ආනන්ද හාමුදුරුවෝ නෙවෙයි සියලු අහගත්තෙ, රාහුල. ආනන්ද හාමුදුරුවන්ට හොඳ ධාරණ ශක්තියක් තිබ්බ බව ඇත්ත.

 

Buddha Bodhi

සේරිවාණිජ

බාලයා ද පණ්ඩිතයා ද සිටින්නේ ඔබ තුළ ය. දෙව්දත් ද බ�
Buddha Bodhi

කැඩපත

දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ගෞතම බුදුන්ගෙන් ම
Buddha Bodhi

මනෝ පුබ්බංගමා ධම්මා

මනස කියන්නේ සියල්ල ආවරණය කළ කටුවක් (shell) වගේ දෙයක්.
Buddha Bodhi

මනස හා අධ්‍යාත්මිකත්වය

සාසනය බිහිවෙලා ආරාම වල පිරිස වැඩිවන්නට පටන් ගත්

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....